Corruption Politics

බැසිල් පැත්ත පලාතක නෑ – ඩීල් එක ඩඩ්ලිගේ

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මුදල් ගෙවා මිලදී ගැනීමේ සම්පූර්ණ වගකීම මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ මහතාගේ සොහොයුරා වන කූප්‍රකට බිලියනපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන වෙත පවරා ඇතැයි වාර්තා වේ. මින් පෙර මෙම ගණුදෙනු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ බැසිල් රාජපක්ෂ මහතා වුවද මේ වනවිට ඔහු එයින් ඉවත් වී සිටිනු දක්නට ලැබේ. මින් පෙර අවස්ථාවලදී රුපියල් කෝටි 5 – […]

Corruption

නාමල් FCIDයේ ෆයිල් සියල්ල රැගෙන යයි.

රුපියල් මිලියන 30ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගවනර්ස් කෝපරේෂන් සමාගම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුලු විත්තිකාරයින් කිහිප දෙනෙකුට එරෙහිව  මූල්‍ය අපරාධ කොට්ඨාශයේ (FCID) පවරා තිබූ නඩුවට අදාළ සියලු ලිපි ගොනු නාමල් රාජපක්ෂ මහතා විසින්ම පැමිණ රැගෙන ගොස් ඇත. ඒ ඊයේ උදෑසන එම කොට්ඨාශ පරිශ්‍රයට පැමිණිමෙන් පසුවයි. ඊයේ උදෑසන ශාරිරික සුවතා ව්‍යායාම් සදහා යන ඇදුමෙන් සැරසී මූල්‍ය […]

Politics

විග්නේෂ්වරන් මහින්ද සරණ යයි.!

  උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඉතා ශක්තිමත් දේශපාලන සම්බන්ධතාවයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. ඊයේ (24) දිනයෙන් උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර සී.වී විග්නේෂ්වරන් දෙමළ ජාතික සංධානයෙන්ද ඉවත්වනු ලැබුවා. යාපනය නල්ලූර් නඩරාජා පරමේශ්වරී ශාලාවේදී ඊයේ (24) පැවති දෙමළ ජනතා සභාවේ ප්‍රධාන […]

Politics

සෙනසුරු ග්‍රහයාගේ සහයෙන් සිරිසේන අවුරුදු 19ක් රට පාලනය කරනවා – ලියන්ගස්වගුරේ දේවානන්ද හිමි

අතිගරු ජනාධිපති සිරිසේන මැතිතුමාණන් දෙවන ධූර කාලයෙන් පසුවද වසර 19ක් රාජ්‍ය පාලනය කරන බව ප්‍රවීණ ජෝතීර්වේදී අතිපූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද මාහිමියන් ප්‍රකාශ කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශයට අයත් අපේ ජනපති ෆේස්බුක් පිටුව හරහා උන්වහන්සේ මෙම ප්‍රකාශය සිදුකර තිබේ. තුලා ලග්නයෙන් උපන් සිරිසේන කුල කුමරුවන්ගේ සෙනසුරු උච්ච වී ඇති නිසා ඔහු සිය දෙවන ධූර කාලයෙන් පසුවද දැහැමින් […]

Politics

වාචාල සිරිසේන අලි අමාරුවක වැටෙයි!

ජනාධිපතිවරයා හෝ ඔහුගේ උපදේශකයන්  දුරදිග නොබළා දිගින් දිගටම ගනුලබන තීන්දු තීරණ හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන  ප්‍රතිරූපයට බරපතළ ලෙස හානිකර ගන්නා ස්වභාවයක් පෙන්නුම් කෙරෙන බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි. එසේම ජනාධිපතිවරයාගේ තීන්දු තීරණ අනවශ්‍ය සහ අතිශෝක්ති ජනක ලෙස වාර්තා කිරීම හරහා ඇතැම් මාධ්‍ය ද එහි කොටස්කරුවන් වී ඇති බවත් එබැවින්  ජනාධිපතිවරයා සිය තීන්දු මෙන්ම  උපදේශකයන් සහ ඒ මත දියත්වන මාධ්‍ය […]

Sports

ඉතිහාසය වෙනස් කළ හලාවත ධීවර කෙල්ල

ආර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී මාරිස්යෙලා සමත් වුවාය. පාරමී පසුගිය දා පැවති මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමිකරගත් අතර, දෙවැනි අදියර ලෙස කිලෝමීටර් 4 ක් වූ රට හරහා දිවීමේ ඉසව්වට අද සහභාගී විය. අද පාරමී 17 වැනි ස්ථානය හිමිකරගත්තේ, මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වට සහභාගී වූ ක්‍රීඩිකාවන් අතරින් […]

Politics

හම්බන්තොට වරායේ කොමිස් කුට්ටි ගැලවෙයි… නාවික හමුදාවට අහිමි වූ ඉඩම යලි හිමිවෙයි.

  හම්බන්තොට වරාය චීනයට පැවරීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට වරාය භුමිය තුල අයත්ව තිබූ ඉඩම ද චීනයට පැවරීමට කටයුතු කරන ලදි. ඒ වෙනුවෙන් වරාය මිලදී ගත් සමාගම එම ගණුදෙනුවේ ශ්‍රී ලංකා ඒජන්තයා වශයෙන් කටයුතු කල මලික් සමරවික්‍රමට මිලියන ගණනක අල්ලසක්ද ලබාදී ඇත. නමුත් ඇමරිකාවේ ෆැසිෆික් නාවික විධානය සිදුකල අනතුරු ඇගවීමක් මත වරාය භූමිය තුල වූ […]

Corruption

මාලදිවයින් හිටපු ජනපති සමඟ රවී කරපු මගඩිය හෙළි වෙයි. ඇමරිකාවෙන් අනතුරු හැගවීමක්.

පසුගියදා මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් සහ ශ්‍රී ලංකාවේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක එක්ව මියන්මාරය ඇතුලු එක්සත් ජනපද සම්බාධක පනවා ඇති රාජ්‍යන් වෙත හොර රහසේ තෙල් ඇතුලු අනෙකුත් සේවා සැපයීමේ ව්‍යාපාරයක නිරතව සිටින බවට ඇමරිකාවේ ෆැසිෆික් හමුදා මූලස්ථානය විසින් ශ්‍රී ලංකා රජය වෙත දැනුම්දී තිබේ. එම ක්‍රියාදාමය වහාම නතර නොකලහොත් […]

Latest News

හිරුණිකා දෙරණ දිලිත් ගේ සහ හිරු රෙනෝගේ කලිසම ගලවයි! (වීඩියෝ)

දෙමටගොඩ ප‍්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා ලැබ සිටින පාර්ලිමෙන්තු මන්ත‍්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ චෝදනාවන්ට වරද පිළිගෙන නඩුව කෙටි ක‍්‍රමයකින් අවසන් කරගැනීමට සුදානම් බවට මාධ්‍ය මගින් පලවූ පුවත අසත්‍ය බව හිරුණිකා මන්ත‍්‍රීවරිය අද පාර්ලිමේන්තුවේදී පැවසීය. වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් නගමින් අදහස් දැක්වූ හිරුණිකා මන්ත‍්‍රීවරිය කියා සිටියේ […]

Latest News Politics

සිරිසේන බලෙන්ම මහින්ද සහ බැසිල්ව හමුවෙයි..!

මාස තුනක සිට ජනාධිපති සිරිසේනගේ පාර්ශවයෙන් ඉදිරිපත්වූ ඉල්ලීම් පිළිබඳව සළකා බලා ඔහුව හමුවීමට පොදුජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ මහතා ගනු ලැබූ තීරණය අනුව පසුගිය සතියේ බදාදා කොළඹ හිටපු අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති සිරිසේන හමුවී සාකච්ජා කොට තිබේ. එහිදී ජනාධිපති සිරිසේන විසින් තමන් එජාපය සමඟ ආණ්ඩු කිරීම […]