Latest News Local News Politics

උද්ඝෝෂණවලට පහර දීම – යහපාලන ආණ්ඩුව මහින්ද ගිය පාරේමද?

“එකෙක් නෑර හැමෝටම ගහන්න. ආයේ පාරට බහින්න බැරිවෙන්න ගහන්න. අපිත් මර්දනය කරන්න දන්නවා කියලා පෙන්වන්න ඕනෑ.” මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයකට පසුගිය මැයි 17දා පොලීසියෙන් එල්ලකළ ප්‍රහාරය පසුපස තිබූ තර්කනය විය හැකිය. මීට පෙර එච්එන්ඩීඒ සිසුන්ට මෙවැනිම ප්‍රහාරයක් එල්ලකර තිබුණේ මේ ආණ්ඩුව සමයේය. එය මහදවල් එළිපිට මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් විය. එදා සමස්ත […]

Latest News Local News Politics

අධිකරණයට සිදුවූ වින්නැහිය

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු නියෝජනය අහිමි කිරීමට හේතුවන ලෙස ලබාදී තිබෙන තීන්දුව සේ ම එම තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන අභියාචනය සම්බන්ධයේ ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය නිසා දැන් නැවත වරක් අධිකරණය උණුසුම් කතාබහකට හේතුවී තිබෙන මාතෘකාවක් බවට පත්කිරීමට හේතුවී තිබේ. ගීතා කුමාරසිංහ ගීතා කුමාරසිංහගේ නඩුව පිළිබඳව රාවය කතුවරයා විවරණයක් ලියා තිබුණු අතර […]

Corruption Latest News Local News Politics

දූෂණ චෝදනා 82ක් යට ගහනවා: සාගල සහ විජේදාස අයින් කරන්න

සාගල රත්නායක සහ විජේදාස රාජපක්ෂ යන ඇමැතිවරුන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනාවක් ඉදිරිපත්වී තිබේ. මූල්‍ය අපරාධ, පොලිස් කොට්ඨාස හා නීතිපති දෙපාර්තමේන්තුව ඔස්සේ දූෂණ චෝදනා 82ක් යට ගසන චෝදනාව මත මෙම ඇමැතිවරුන් දෙදෙනා ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් තමා ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ඉරිදා ලංකාදීපයට කීය. දූෂණයට එරෙහිව […]

Latest News Local News Politics

ගංවතුර ආරක්ෂණ ආඥා පනත වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය

ගංවතුර ආරක්ෂණ ආඥාපනත අහෝසිකර ඒ වෙනුවට නව ගංවතුර කළමනාකරණ පනතක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. දැනට ක්‍රියාත්මක 1924 අංක 4 දරණ ගංවතුර ආරක්ෂණ ආඥා පනතින් ගංවතුරින් හානි සිදුවිය හැකි ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේ බලය විෂය භාර ඇමැතිවරයාට පැවරී තිබෙන අතර එම ප්‍රදේශයන්හි ආරක්ෂාව වෙනුවෙන් පියවර ගැනීමේ බලය වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්ට පැවරී තිබේ. එම […]

Latest News Local News

කාබුල් නුවර බෝම්බ පිපිරීමෙන් 80ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 80ක් ජීවිතක්ෂයට පත්ව 350ක අධික පිරිසක් තුවාල ලබා තිබේ. කාබුල් අගනුවර පිහිටා ඇති ජර්මනියේ තානාපති කාර්යාලය අසළ මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් තවමත් බබාරගෙන නොමැත. ඇෆ්ගනිස්තාන වේලාවෙන් පෙ.ව. 8.25ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

Latest News Local News Politics

මෙන්න අලුත්ම ඇමති සංශෝධනය ! රාජ්‍ය ඇමතිවරු 4 යි නියෝජ්‍ය ඇමතිවරු 3 යි

නව නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු 7දෙනෙකු අද (31) අලුතින් දිව්රුම් දුන්නා. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එරාන් වික්‍රමරත්න දිව්රුම් දුන්නා. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන දිව්රුම් දුන්නා. පාලිත රංගෙ බණ්ඩාර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නා. වසන්ත සේනානායක විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නා. ආචාර්ය හර්ෂ ද සිල්වා ජාතික ප්‍රතිපත්ති […]

Latest News Local News Politics

නියෝජ්‍ය, රාජ්‍ය ඇමති සංශෝධනය සිදුවෙයි – එරාන්, හර්ශ දිවුරයි

යෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දී තිබේ. ඒ අනුව මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතාද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද දිවුරුම් දී ඇත. ඉරාන් වික්‍රමරත්න මහතා මීට පෙර කටයුතු කරමින් සිටියේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස […]

Latest News Local News Politics

මහින්ද රාජපක්ෂත් රට යයි

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (31) පුද්ගලික සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ. හෙතෙම දින 10කට ආසන්න කාලයක් ජපානයේ රැඳී සිටීමට නියමිතබවද වාර්තා වේ.

Latest News Local News

ව්‍යාජ රියදුරු බලපත්‍ර හා මුදල් නෝට්ටු මුද්‍රණය කර අත්අඩංගුවට

ව්‍යාජ රියදුරු බලපත්‍ර හා ව්‍යාජ මුදල් නෝට්ටු අච්චු ගැසූ ස්ථාන දෙකක් අවස්ථා දෙකකදී වැටලීමට පොලීසිය සමත්ව තිබේ. මරදාන, දේවානම්පියතිස්ස මාවතේදී ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස්කරන ලද ස්ථානයක් වටලා සැකකරුවන් 6 දෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අත්අරඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීමට රැගෙන එන ලද ලියවිලි හා රුපියල් 34000ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ. […]